තලවකැලේ වතුනිවාස පේළියක ගින්නක්

තලවකැලේ වතුයායට අයත් මිඩ්ලන්ඩ් වතු නිවාස පේළියක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් එම වතුනිවාස පේළියේ නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් තෛපොංගල් සැමරීම සඳහා නිවාසවලින් පිටව ගොස් ඇති බව සඳහන්.