යුක්‍රේනයේ ඩින්ප්‍රෝ නගරයට එල්ල කළ ප්‍රහාරය ස්වීඩනය හෙළාදකී

Share

බටහිර රටවල් යුක්‍රේනයට කොතරම් අති නවීන යුධ අවි ලබා දුන්නද එය ඵල රහිත බව රුසියාව පවසනවා.

රුසියාව පවසන්නේ බටහිර රටවල් එලෙස යුක්‍රේනයට ලබා දෙන සියලු අවි අළු බවට පත් කරන බවයි.

මේ යුධ ගැටුම කොතරම් කාලයක් පැවතුනත් රුසියාවට හෝ යුක්‍රේනයට ජයක් ලැබෙන්නේ නැති බව බොහෝ යුධ විශ්ලේෂකයින් මේ වන විට මත පල කරනවා.

යුධ ගැටුම අවසන් කිරීමට එකම මඟ සාම සාකච්ඡා පමණක් බවයි යුධ විශ්ලේෂකයින් පවසන්නේ.

යුක්‍රේනයේ ඩින්ප්‍රෝ නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරය ස්වීඩනය හෙළාදැක තිබෙනවා.

මේ අතර විශ්ව රෑ රැජින තරඟාවලියට සම්බන්ධ වීමට රුසියාවට අවස්ථාව දීම පිළිබඳව යුක්රේන රෑ රැජින සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

Read more

Local News