ජනාධිපති හා ආණ්ඩුව මැතිවරණයට බය බව කියන සජිත්

Share

උනුත් එකයි, මුනුත් එකයි කියන අයට අපට කියන්න තියෙන්නේ උනුත් එකයි කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ හොරොව්පතාන ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්වෙමිනුයි.

හොරොව්පතාන සමගි ජන බලවේගයේ බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. ඊට විශාල ජනකායක් එක්ව සිටි අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් දැක්වූවා.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ වී. අයි. පී. සමාජවාදීන් කොට්ඨාශයක් සිටින බවයි.

එසේම තමන්ට ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ සැබෑ උවමනාවක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී අවධාරණය කළා.

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව මැතිවරණයට බය බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Read more

Local News