මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි January 20, 2023 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධූරය සඳහා තරග කරන බවයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ.