අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

Share

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (21) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Read more

Local News