උසස් පෙළ විභාගය නොතකා විදුලි කප්පාදුව දිගටම

Share

විභාගය පැවැත්වෙන කාල සීමා විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම් දී තිබෙනවා.

උසස් පෙළ පැවැත්වෙන කාලසීමාවේ විදුලි කප්පාදුවක් සිදු නොකරන්නේ යැයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට නිර්දේශයක්ද ලබා දී තිබූ පසුබිමකයි මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව අදත් පැය දෙකයි විනාඩි විස්සක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් විභාග කොමසාරිස් ජෙනරාල් අමිල ජයසුන්දර ඊයේ ප්‍රකාශ කළේ විභාග කාලසීමාවේ විදුලි කප්පාදු සිදු කරන්නේ නැති බවට මහජන උපයෝගීතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය සිය එකඟත්වය පළ කර ඇති බවයි.

Read more

Local News