මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලටද බලපා තිබෙනවා.
ඒ හේතුවෙන් හැටන් සිංගිමලේ, ජල තටාංගනයේ ජලය මේ වන විට ඉතාම අඩු මට්ටමක පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානීය ජලය බෙදා හරිනු ලබන්නේ, හැටන් සිංගිමලේ ජල තටාංගනයෙන් වුවත්, පවතින තත්වය හේතුවෙන් අද සිට හැටන් දික්ඔය නගර සීමාවට දිනකට වරක් ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි, ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.
දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් පොම්පකර ජලය නිකුත් කිරීමට පියවර ගෙන ඇති බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත ලෙසටයි හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ජානක හේරත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.