රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම හෙට (25) සුපුරුදු පරිදි සිදුකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මීට පෙර තීරණය කර තිබුණේ, විධායක නොවන සේවකයින්ගේ වැටුප ජනවාරි මස 25 වනදා නියමිත පරිදි ගෙවීමට සහ විධායක නිලධාරීන්ගේ වැටුප එදිනම හෝ ඊට පසුදා ගෙවීමටයි.




