යුක්‍රේන-රුසියා යුධ ගැටුම ඉදිරියේදී තීව්‍ර වනබව යුධ විශ්ලේෂකයින් පවසයි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 334 යි.

රුසියා යුක්‍රේන යුද ගැටුම ඉදිරියේදී වඩාත් තීව්‍ර වන බවට මත ඵල වෙමින් තිබෙනවා.

ඒ අති නවීන ලෙපර්ඩ් ටූ වර්ගයේ යුධ ටැංකි යුක්‍රේනයට ලබා දීම සම්බන්ධව පවතින සාකච්ඡා සමඟයි.

ජර්මනියේ නිෂ්පාදිත මෙම යුධ ටැංකි 250ක් පෝලන්තය සතුයි.

ඒවා යුක්‍රේනයට ප්‍රතිඅපනයනය කිරීම සඳහා ජර්මනියේ අනුමැතිය හිමිවිය යුතුයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සතුටුදායී පිළිතුරක් වඩාත් ඉක්මනින් අපේක්ෂා කරන බව සෙලෙන්ස්කි පවසනවා.

මෙම යුධ ටැංකි යුක්‍රේනයට ලබාදීමට ජර්මනියේ අනුමැතිය හිමිවුවහොත් තවත් රටවල් කිහිපයක්ම යුක්‍රේනයට යුධ ටැංකි ලබාදීමට සූදානම් බවට තොරතුරු වාර්තා වනවා.

මෙවන් පසුබිමක් තුළ යුක්‍රේන රුසියා යුධ ගැටුම වඩාත් තීව්‍ර වන බවයි යුධ විශ්ලේෂකයින්ගේ මතය.

Read more

Local News