පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා සිදු කරනු ලබන දැන්වීම් දිස්ත්‍රික්ක කිහිපයකින් මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.
මේ අතර කොමිසමේ නිලධාරීන්ට සිදු කළ බව කියන තරජනයන් ශ්‍රී ලංකා පොලීසියට සිදු කළ නොහැකි නම් එම පරීක්ෂණ ජාත්‍යන්තර පොලීසියට ලබාදෙන ලෙසයි මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ.



