ධීවරයින්ට විශේෂ දැනුම්දීමක්

Share

‍දිවයිනට නැගෙනහිර මුහුදු කලාපයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (31) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට මෙරට නැගෙනහිර මුහුදු කලාපයේ රැකියාවේ නියුතු ධීවර යාත්‍රා ආරක්ෂිත කලාපයක් වෙත යාත්‍රා කරන ලෙසය.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 455ක් පමණ නැගෙනහිර දෙසට බරව ගිණිකොණ දෙසින් කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News