බංග්ලාදේශයේ චිතගොං වරායේ හැංගිමුත්තන් ක්රීඩාවේ යෙදුණු දරුවෙකු මැලේසියාවෙන් සොයාගෙන තිබෙනවා.
මෙම 15 හැවිරිදි දරුවා ක්රීඩාවේ යෙදෙන අතරතුර බංග්ලාදේශයේ චිතගොං වරායේ නැව් කන්ටේනරයක සැඟවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව කන්ටේනරය අගුලු දමා නැව්ගත කර මැලේසියාව බලා යාත්රා කර තිබෙනවා.
මෙම දරුවා ජනවාරි 11 වනදා එම කන්ටේනරය තුළ සැඟවී ඇති අතර දින 6කට පසුව ජනවාරි 17 වනදා මැලේසියානු නිලධාරීන් සොයාගත්තා.
දින 6ක් පුරා සැතපුම් 2300ක් පමණ ගමන් කළ මෙම දරුවාට අහාර සහ ජලය නැතිවීම නිසා දුර්වල වී ඇති බවත් උණ වලදී ඇති බවත් වාර්තා වනවා.
පසුව දරුවා රෝහලකට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.