ගල්කිස්සේ ව්‍යාපාරිකයා ඝාතනයට මස්සිනා සොයයි

Share

ගල්කිස්ස ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීම් හමුවේ මියගිය පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

එකසිය දහනමය පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය වෙත ලද තොරතුරක් මත ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ව්‍යාපාරිකයෙකු බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පනස් හැවිරිදි මෙම පුද්ගලයා ඝාතනය සිදුවූ නිවසේ තනිව වාසය කර ඇති අතර ඝාතනය සිදුවීමට පෙර, ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳගේ සොයුරා සමඟ මත්පැන් පානය කර ඇති බවද, පොලිස් තොරතුරුවලින් අනාවරණය කර තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සොයුරා සොයා පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Read more

Local News