මාධ්‍ය ආචාර ධර්ම පොත එළිදකී

දයා ශ්‍රී නරේන්ද්‍ර ග්‍රන්ථ තිස් එකක් පමණ රචනා කළ කෘත හස්ත නිර්මාණකරුවෙක්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිට විවිධ මාතෘකා ඔහුගේ විෂය පථයට අයත් වූවා.

ඒ අතර වැඩිම ග්‍රන්ථ ගණනාවක් ඔහු රචනා කර ඇත්තේ මාධ්‍ය ක්ෂේත්‍ර අලලායි.

ජනමාධ්‍යවේදියෙකු විශ්ව විද්‍යාල දේශකයෙකු සහ අමාත්‍යංශ ගණනාවක මාධ්‍ය ලේකම්වරයෙකු ලෙසත් ඔහු රාජකාරී කර තිබෙනවා.

මාධ්‍ය ආචාරධර්ම ඔහුගේ තිස් එක් වන ග්‍රන්ථයයි.

ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව විශේෂ කතිකාවක් ද සංවිධාන කර තිබුණා.

ඊට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමල් වලේබොඩ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ සහ පුවත්පත් මණ්ඩලයේ කොමසාරිස් නිරෝෂන් තඹවිට එක් වුණා.

සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මාධ්‍යවේදී ගාමිණී කන්දේපොළයි.