කොවිඩ් 19 ගෝලීය හදිසි තත්වය දිගටම

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්වයක් ලෙස නම්කර ඊයේ දිනට වසර 3ක් ගතවුණා.

ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසන්නේ කොවිඩ් වසංගතය සංක්‍රාන්ති සමයකට පැමිණ ඇති නමුත් තවමත් එහි අවධානම පහව ගොස් නොමැති බවයි.

කොවිඩ් 19 හදිසි ගෝලීය තත්වය තවදුරටත් බලපැවැත්වෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.