නිදහස් සැමරුමට අමෙරිකා ජනපතිගෙන් සුබපැතුම්

Share

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරයි.

75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එම සුබපැතුම් පණිවුඩය එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේ දී ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදි.

Read more

Local News