නිදහස් සැමරුමට සහභාගී වීමට ජපාන විදේශ රාජ්‍ය ඇමති දිවයිනට

Share

හැත්තෑ පස්වන නිදහස් දිනයට සහභාගිවීම සඳහා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකී ශුන් ශුකෙයි ඊයේ දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ සිටියා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරය සඳහා ජපානයේ සහය ලබා ගැනීමට කැපවී සිටින බවට ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.

මේ අතර ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවිය.

එහිදී ඉන්දීය සාගර සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක්ව තිබුණා.

Read more

Local News