රත්තොට ජල පවිත්රාගාරයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඒ ආශ්රිත ප්රදේශ කිහිපයකට අද (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අද පස්වරු 08.00 සිට හෙට (14) පෙරවරු 06.00 දක්වා පැය 10ක කාලයක් ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටු වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව රත්තොට, කයිකාවල, වේරගම යන ප්රදේශ සඳහා එම ජල කප්පාදුව සිදුවනු ඇත.