Woman’s T20 World Cup : ශ්‍රී ලංකාවට ජය

Share

2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 127 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 126 ක් රැස් කළා.

Read more

Local News