තහනම් මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලීසිය එක්ව 2023 පෙබරවාරි මස 10 වන දින ත්‍රිකුණාමලය, පුල්මු‍ඩේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, අලෙවි කිරිම සඳහා පෞද්ගලික බස් රථයකින් රැගෙන යමින් තිබූ Prescription Drug (PREGAB) වර්ගයේ මත්පෙති 700 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ දක්වා ගමන් කළ පෞද්ගලික බස් රථයක සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී, එම පුද්ගලයා විසින් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි Prescription Drug (PREGAB) වර්ගයේ මත්පෙති 700 ක් සමඟ, එම සැකකරු (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read more

Local News