මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට දැනුම් දීමක්

Share

මාර්තු නවවෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියලු ඡන්ද හිමියන් වෙත සහ තැපැල් ඡන්ද දායකයින් වෙත මැතිවරණ කොමිසම දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

ඡන්ද විමසීමේදී ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන පක්ෂවල නම් සහ සලකුණුද ස්වාධීන කණ්ඩායම් තරඟ කරන්නේ නම්, ස්වාධීන කණ්ඩායම් යන වචනයද හඳුනාගැනීමේ අංක සහ සලකුණු පමණක් මුද්‍රණය කර තිබෙනවා.

අපේක්ෂකයින්ගේ හෝ කොට්ඨාශවල නම් සහ අංක ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

Read more

Local News