බුත්තල භූ කම්පනයේ අවසන් වාර්තාව සකස් වෙමින් පවතී

Share

පසුගිය දහ වනදා දහවල් බුත්තල, වැල්ලවාය ප්‍රදේශයට භූ කම්පනයක් වාර්තා වුණා.

එසේම පසුගිය එකොළොස් වනදාත්, වැල්ලවාය ප්‍රදේශයට භූ කම්පනයක් ඇති වුණා.

ඊයේ දිනත් පැල්වත්ත සහ බුත්තල ප්‍රදේශවල පොළොව සෙලවෙන බව දැනුනු බව ප්‍රදේශවාසී ඊයේ දින ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙලෙස ඇතිවන සුළු භූ කම්පන තත්වයන් පිළිබඳව ජනතාව බිය විය යුතු නැති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ.

මේ අතර වැල්ලවාය, බුත්තල ප්‍රදේශවල විමර්ශන කණ්ඩායම් දෙකක් ඊයේ දිනත් ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ආරම්භ කරා.

මෙම විමර්ශනවල වාර්තාව මේ වන විට ප්‍රධාන කාර්යාල වෙත වාර්තා කර ඇති බවයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසන්නේ.

ඒ අනුව, අවසන් වාර්තාව, මේ වනවිට පිළියෙල කරමින් සිටින බවයි, එම කාර්යාංශය අප කළ විමසීමකදී වැඩිදුරටත් පැවසුවේ.

Read more

Local News