ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර ලෝක ගුවන් විදුලි දින තේමාව වන්නේ ගුවන් විදුලිය සහ සාමයයි.
ගුවන්විදුලියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ගුග්ලි ඇල්මෝ මාකෝනි. එක්දහස් නවසිය නවය වසරේ රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ඔහු හිමිකර ගත්තා.
ගුවන්විදුලි මාධ්‍ය බිහිවී අද වන විට වසර දහසක් ඉක්මවා ගොස් තිබෙනවා. නමුත් ගුවන් විදුලිය වටා එක් වූ දහස් ගණන් රසිකයින් සහ ශ්රාවකයින්ගෙන් ගුවන් විදුලියට ඇති නොමද ජනප්‍රියත්වය නම් අඩුවක් පෙනෙන්නට නැහැ.
ස්පාඤ්ඤ ගුවන් විදුලි ලෝක ගුවන් විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළා. ඒ දෙදහස් දහය වසරේදී. ඒ අනුව දෙදහස් එකොළහ වසරේ නොවැම්බර් තුන්වෙනිදා යුනෙස්කෝ සංවිධානයේ තිස් හය වෙනි සමුළුවේදී ජාත්‍යන්තර ගුවන් විදුලි දිනය ලෙස පෙබරවාරි දහතුන ප්‍රකාශයට පත් කෙරුණා.
ගුවන් විදුලිය සොයාගෙන වසර එකසිය දහඅටකට පසු දෙදහස් දොළහ වර්ෂයේදී පළමු ලෝක ගුවන් විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල සමරනු ලැබුවා.
ගුවන් විදුලි ශිල්පීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුවේ වැඩි දියුණු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි.
ලොව පළමු ගුවන්විදුලිය බී. බී. සී. වන අතර දකුණු ආසියාවේ පළමු ගුවන්විදුලිය ලෙස ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලි විකාශයක් ආරම්භ කළා. එක්දහස් නවසිය විස්ස දශකයේ සිට ගුවන් විදුලිය මෙරට ජන හදවත් වලට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුමද සපයමින්. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ගුවන් විදුලි සේවා පනහකට අධික සංඛ්‍යාවක් පවතිනවා.
ඒ සෑම සේවාවකින්ම යම්කිසි විවිධත්වයක් හරහා හරවා බවක් ජනතාවට සමීප කරවීමට කටයුතු කරනවා.
අප මාධ්‍ය ජාලය සියත ගුවන් විදුලිය හරහා දැනුම, විනෝදාස්වාදය, ප්රවෘත්ති මෙන්ම හරවත් වූ වැඩසටහන් රැසක්, ශ්‍රාවකයින්ගේ රසාස්වාදය උදෙසා තිළිණ කර තිබෙනවා.
අරා පැස්බරා, රෑ දහයයි ගී දහයයි වැනි වැඩසටහන්, ඊට හොඳම උදාහරණයක්. අන් සියලු මාධ්‍යන්ට වඩා තවමත් ශ්රාවකයින් අතර, ඉහළම තැන රැඳී සිටීමට, ගුවන් විදුලියට හැකි වී තිබෙන්නේ, විවිධත්වය සහ නව්‍යකරණය නිසයි.