පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (10) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාරයට අදාළ පළමු රැස්වීමේදී මේ බව තීරණය වී ඇත.