දෙදහස් විසි තුන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පසුව දැනුම් දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
මේ අතර මැතිවරණය කල් දැමීමට රජය දරන උත්සාහයට විරෝධය පළකරමින් ජනතාව සමඟ පාරට බහින බවයි විපක්ෂය පවසන්නේ.