නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ පළමු දිනය අද

Share

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය මේ වන විට පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත ක්‍රයිට්ස්චර්ච් ක්‍රීඩා පිටියේදීයි

මෙහිදී සංචාරක පිතිකරුවකු නවසීලන්තයේදී රැස් කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සමත් වුණා. ඒ පන්දු 40 කදීයි.

එමෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000ක් ලබාගත් තෙවැනි පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්වීමට ඇන්ජලෝ මැතිවුස්ට හැකි වීමද විශේෂත්වයක්.

තරඟයේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාමත් සමඟ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා ලෙස ටීම් සවුදි වාර්ත අතරට වුණා.

ඒ ඩැනියල් විටෝරි පිහිට වූ වාර්තාව බිඳහෙලමින්.

-සඳුන් නිර්මාන්-

Read more

Local News