දෙවැනි දිනටත් සරසවි ඇදුරන් වර්ජනයේ

සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි ආරම්භ කළ වැඩ වර්ජනය අද (10) දෙවන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක පවසනවා.

ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතු අඩාලවී ඇති බවද ඔහු සඳහන් කළා.