හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

හෙරොයින් ග්‍රෑම් පනහක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබෙනවා.

රාජගිරිය, නාවල ප්‍රදේශයේදී මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙහිවල ආශාඩ් නැමැති පුද්ගලයාගේ ගෝලයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

වයස අවුරුදු තිස් පහක් වන සැකකරු, මන්නාරම ප්‍රදේශයේ කරුවෙකු බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read more

Local News