රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 391 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 391 යි.

චීන ජනාධිපති ෂී ජී පින් රුසියාවෙි මොස්කවි වෙත පැමිණ දිනකට පසු ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා යුක්‍රේනයයේ කියෙව් වෙත පැමිණියා.

ඔහු බුචාහි දේවස්ථානයක් වෙත ගොස් යුද්ධයෙන් මියගිය අය සිහිපත්කර ඔවුන්ට ගෞරව දක්වා තිබෙනවා.

මේ අතර චින ජනාධිපති ෂී ජී පින් සහ රුසියානු ජනාධිපති පුටින් අතර දෙවන වටයේ සාකච්චා ඊයේ පැවැත් වුණා.

එහිදී පුටින් පවසා ඇත්තේ චීනය රුසියාවේ ප්‍රමුඛ විදේශ වෙළද හවුල්කරුවා බවයි.

දෙරට අතර සහයෝගීතව වර්ධනය කරගැනීමට අවශ්‍ය ගිවිසුම් සදහාද එහිදී අත්සන් තබා තිබෙනවා.

Read more

Local News