තංගල්ලේ ඝාතනයක්

තංගල්ල නෙතොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී තිස් හැවිරිදි කාන්තාවක ඝාතනය කර තිබෙනවා.

තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව නෙතොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවි නියාමකවරියක ලෙස කටයුතු කර ඇති බව සඳහන් වන්නේ.

ගොවි ණය ලබා ගැනීමේදී ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.