රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අදට දින 397 යි

Share

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට මේ ගෙවෙන්නේ 397 වන දිනය යි.

රුසියානු ආරක්ෂක කවුන්සිලය ඊයේ රැස්වුණා.

රුසියාවේ පැවැත්මට තර්ජනයක් වන ඕනෑම අවස්ථාවක තමාට විරුද්ධ වන සතුරාව වනසා දමන බවයි රුසියානු ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කළේ.

මේ අතර රුසියාවේ න්‍යෂ්ටික අවි බෙලරුසියාවේ ස්ථානගත කිරීමට ගත් තීරණය කිසිසේත් වෙනස් කරන්නේ නැති බව පුටින් ප්‍රකාශ කලා.

එසේම තම රටේ න්‍යෂ්ටික අවි බෙලරුසියාවේ ස්ථානගත කරත් අවි පාලන බලය බෙලරුසියාවට ලබාදෙන්නේ නැති බවයි පුටින් පවසන්නේ.

මේ අතර යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ඊයේ දින නිරන්තරයෙන් ගැටුම් පවතින සර්පොර්ෂියා කලාපයේ සංචාරයකට එක්ව තිබෙනවා.

Read more

Local News