වර්ජනය අතරතුර කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙලට පොලීසිය හා හමුදාව
ඛනිජ තෙල් සේවකයින් ඊයේ හදිසි වර්ජනයක් ආරම්භ කළා.
පෞද්ගලිකරණය ඇතුළු රජය ගත් ක්‍රියාමාර්ග කිහිපයකට විරෝධය පළ කරමිනුයි ඛනිජ තෙල් සේවකයින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වුණේ.
වර්ජනය සමඟ ඉන්ධන බෙදා හැරීමට ද බාධා එල්ල වුණා.
කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විට හමුදාව සහ පොලීසිය කැඳවා ඉන්ධන බෙදා හරිම ඇතුළු සෙසු සේවා යළි සමනය තත්ත්වයට ගෙන ඒමටයි රජය පියවර ගත්තේ.