ආනයනික බිත්තර බෙදා හැරීම හෙට සිට March 29, 2023 ආනයනික බිත්තර හෙට සිට බෙදා හරින බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් පවසන්නේ එම බිත්තර තොගය ආනයනය කර දින ගණනාවක් ගතවී ඇති නිසා ඒවා භාවිතයට සුදුසු නැති බවයි. එම නිසා ආනයනික බිත්තර විනාශ කළ යුතු බවද ඔවුන් පවසනවා.