කතානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය ඔහුගේ නිවසට

කලක් රෝගාතුරව සිටි හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා පසුගිය අඟහරුවාදා සිය දිවිසැරිය නිමා කළා.

මිය යන විට ඔහු අසූ එක් වන වියෙහි පසු වුණා. ඔහුගේ දේහය ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආ අතර ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්ව සිටියා.

මේ වන විට මහජන ගෞරවය සඳහා හිටපු කතානායකවරයාගේ දේහය ජාඇල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා ජාඇල කණුවල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.