අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් ?

Share

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා එක්වූ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය මෙරට පාසල් අධ්‍යාපනයට එක් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඇමරිකාව ප්‍රමුඛ ලොව පුරා රටවල් 96ක පමණ භාවිත වන සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් වශයෙන් ස්ටීම් අධ්‍යාපනය හඳුන්වා දෙමින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂය හතර මූලික කරගෙන STEM නමින් (STEM- Science, Technology, Engineering, Mathematics) ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික විද්‍යා පදනම විසින් 1999 වසරේ දී එරටට හඳුන්වා දුන් මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය අද වන විට සංවර්ධනය වී කලා විෂයන් ද ඇතුළත් ව ස්ටීම් අධ්‍යාපනය නමින් (STEAM- Science, Technology, Engineering, Arts, Mathematics) ලොව පුරා ප්‍රචලිත ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News