බෝ නොවන රෝගවලින් මිදීමට ක්‍රියාශීලීභාවය ඉතා වැදගත්

Share

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් පවසනවා.

ඇය මේ බව කියා සිටියේ, පසුගියදා (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ශාරීරික ක්‍රියාශීලී මාසය ලෙස අප්‍රේල් මාසය නම්කර ඇතැයිද අප්‍රේල් මාසය තුළ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩිකර ගැනීම සඳහා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයිද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් සඳහන් කළාය.

විශේෂයෙන්ම රැකියා ස්ථානවල, පාසල්වල සහ ජනතාව අතරට මෙම පණිවිඩය රැගෙන යාමට වැඩසටහන් සංවිධානය කර ඇතැයිද, මෙය සෑම වසරකම සිදුකරන බවද වෛද්‍යවරිය අවධාරණය කළාය.කියාශීලීභාවය වැඩි කිරීමේ අප්‍රේල් මාසය තුළ (move more month) අවුරුදු උත්සව වලින් පසුවද ක්‍රියාශීලීභාවය පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසද ජනතාවට කියා සිටියාය.

මෙම ක්‍රියාශීලී මාසයෙහි අරමුණ වනුයේ ශාරීරික ක්‍රියාශීලීත්වය පිළිබඳව සියලුදෙනා දැනුවත් කිරීම බවද, ඉන් අතිවන වාසි වහයෙන් අකල් මරණ වලින් ආරක්ෂා වීම, දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමේ අවධානම අඩුවන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

Read more

Local News