මහ බැංකු පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව යෝජිත මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිදු වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත්තේ.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇති සංශෝධන වලින් පසුව සුළු බහුතරයකින් මෙය සම්මත කර ගත හැකි බවයි කතානායකවරයා පෙන්වා දුන්නේ.