පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මහ කොමසාරිස්වරයා ලෙස පත් කෙරුණු (ඔම්බුඩ්ස්මන්) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කේ.බී.කේ හිරිඹුරේගම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(2) ව්‍යවස්ථාව සහ 1981 අංක 17 දරණ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනතේ 3(1) වගන්තිය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.