බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවේ ප්ලේන්ටියක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.
ඒ අනුව ප්ලේන්ටියක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.