අවුරුදු සමයේ විශේෂ බස් රථ සේවයක්

Share

හෙට (07) දිනයේ සිට ලබන 18 වන දින දක්වා සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, හෙට දිනයේ සිට ලබන 15 වන දින දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් ධාවනය සිදුවන බවයි.

15 වනදා සිට 18 වනදා දින දක්වා පිට පළාත්වල සිට කොළඹ දක්වා ගමන් ගන්නා මගීන්ගේ පහසුව සඳහා බස් රථ වැඩි ප්‍රමාණයක් යොදවන බවත් මේ සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ 7000 ක් පමණ යොදවන බවද ඔහු සඳහන් කළා.

Read more

Local News