අද දහවල් වන තෙක් කොළඹට ජලය අඩුවෙන්

Share

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ රැසක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදුවන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවය.

කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් එම තත්ත්වයට හේතු වී තිබේ.

Read more

Local News