ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.
සාත්තු සේවක අංශයෙන් දැනට ලැබෙන රැකියා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත් මේ වන විට ලාංකිකයින්ට විවෘත වී නොමැති ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා විවෘත කරගැනීමටත් ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍ය Katsunobu Kato සමග මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සාකච්ඡා කළේය.
ඒ අනුව සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බදවා ගැනීම සදහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බවට අමාත්‍ය මනුෂ නානායක්කාර පෙන්වා දුන් අතර ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබසාධන අමාත්‍යවරයාගෙන් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ. ඒ අනුව වැඩි රැකියා අපේක්ෂිතයින් පිරිසකට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට එකගවී තිබේ.
ගොඩනැගිලි නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ රැකියා ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් ලංකාවේ පුහුණු මධ්‍යස්ථානයක් සහ සුදුසුකම් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහාත් මෙහිදී අමාත්‍යවරුන් දෙදෙනා එකගතාවයකට පැමිණි තිබෙන අතර ඒ සදහා වන මාර්ගෝපදේශයන් කඩිනමින් ලංකාවට ලබාදීමටත් එකගවී තිබේ.
ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ඇති කරගත් එකගතාවය සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාකාරී සැලසුම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සහ ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය Satoshi Fujimaru අතර සාකච්ඡාවක් පැවැත්විය. ඔටෝ මොබිල් ක්ෂේත්‍රෙය් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන තාක්ෂණික කරුණු එහිදී සාකච්ඡා කළ අතර කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සදහා වන ඉදිරි පියවර ගැනීමටද Satoshi Fujimaru මහතා අමාත්‍යවරයා වෙත සහතික වී ඇත.