අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකක් ආරම්භ වීමට නියමිතයි. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී
ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරඟය මෙම මස 16 වනදාත් දෙවන තරඟය 24වනදාත් පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා සහභාගී වන අයර්ලන්ත කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
ඇන්ඩ්රීව් බැල්බනි අයර්ලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරඟ වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම සහ දුශාන් හේමන්ත සංචිතයට ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා.
කෙසේවෙතත් මෙම තරඟාවලිය සඳහා 24 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තොරාගෙන අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.