පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියෙන් අදත් වැටලීම්

Share

උත්සව සමයේ දිවයින පුරා ඇති වෙළඳසැල් සහ ආපනශාලා පරීක්ෂා කිරීම මේ දිනවල සිදු වනවා.

උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය මේ වන විට වැටලීම් 1660ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට වෙළඳසැල් 3000කට අධික ප්‍රමාණයකට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නාවලපිටිය නගරයේ වෙළඳසල් හදිසි පරික්ෂාවකට ලක් කර තිබුණා.

මෙම පරික්ෂාවේදී තොග සහ සිල්ලර වෙළඳසැල් රැසක්ම පරික්ෂ කර ඇති අතර එහිදී කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය රැසක් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කරන්නට කටයුතු කර තිබුණා.

මෙම පරික්ෂාවේදී වෙළඳුන් 16 දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබුණා.

Read more

Local News