බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (18) අලුයම කඳවුර අවට ඇති කන්දකැටිය වැල්ලවතැන්න රක්ෂිත ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සැඟව සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
එමෙන්ම ඊයේ පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සොයාගත් අතර රාත්‍රී කාලයේදී තවත් සිව්දෙනෙකු කන්දකැටිය වැල්ලවතැන්න ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ රැඳවියන් 09දෙනා ඊයේ (17) අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබුණා.



