මේ කියන්නෙ කූල් වතුර ගැන. මේ දවස්වල තියෙන රස්නෙට නම්, කූල් වතුර නොබී පුලුවන්ද?
ඒත් කූල් වතුර බොන එක හොඳ ද ?
නෑ. කූල් වතුරවලින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරනවා. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාව වගේ රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහිනී හැකිලෙන්නත් පුලුවන්.
ශරීරයේ තෙතමනය අඩු වෙලා පිපාසය වැඩි වෙන්නත් පුළුවන්. ආහාර ජීරණයට බාධා කරන මේ කූල් වතුර ශරීරයේ පෝෂපදාර්ථ අවශෝෂණය කර ගැනීමේ හැකියාවත් අඩු කරනවා. ඒ වගේම එනමලයට හානි සිදු වෙන්නත් කූල් වතුර හේතුවක්.
ශරීරයේ මේද තැන්පත් වීම වැඩි වෙලා, අක්මාව ආශ්‍රිත රෝගාබාධ ඇති වෙන්නත් පුලුවන්. ආහාර අරුචිය, ශ්වසන අපහසුතා, ශරීරය අප්‍රාණික වීම මෙන්ම උගුරේ ස්වර තන්තුවලට හානි වීම සිදු වෙන්නෙත් කූල් වතුර නිසා. ඒ විතරක්ම නෙවෙයි සෙම ආශ්‍රිත රෝග රෝගාබාධ ඇති වෙන්නත් කූල් වතුර බලපානවා.
ඉතින් ඔයා කූල් වතුර බොනවා නම් ඒ ගැන දෙපාරක් හිතන්න.
පී.එම්.දිනුක මධුෂාන්