දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාද වන්දනාව සීමා කළ යුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.
දේශීය සංචාරකයින් අවාරයේ ශ්‍රී පාද වන්දනාව සිදු කරන්නේ නම් ඒ වෙනුවෙන් විශේෂ අවසරයක් ගත යුතු බවට නීති රැගෙන ආ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
විදේශීය සංචාරකයින්ට මෙම සීමා වලංගු නොවන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.



