වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක්

Share

වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලය එක්ව ආරම්භ කෙරේ.

මෙරට ජීවත් වන ඕනෑම පුද්ගලයෙකු හට තමන්ට පවතින සෞඛ්‍ය ගැටලුවලට වෛද්‍ය උපදෙස් ලබාදීමේ ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ” Help Line For Free Medical ” නමින් පසුගියදා ආරම්භ කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක අවස්ථාව කොල්ලුපිටිය සංචාරක හෝටලයකදී පැවැත්විණි.

ඉන්දියාවේ “ඇපලෝ” රෝහල හා එහි ශ්‍රී ලංකාවේ නියෝජිත කාර්යාලය විසින් මෙම ඇමතුම් සේවාව හා ප්‍රතිකාර සේවාව ක්‍රියාත්මක කරනු ලැබේ.

අංක 466 , ගාලු පාර , කොළඹ 03 . ලිපිනයේ මෙම ඇමතුම් මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර 0773679122 / 07775 28 588/ 0777719558 යන දුරකථන අංක වලට ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැක.

Read more

Local News