පැණි රහයි ගුණ, කරවිලේ

Share

කරවිල තිත්තයි. ඔව්. ඒත්
කරවිල ඖෂධීය ගුණයෙන් අනූන දිව ඔසුවක්.

වෛරස සහ වෙනත් පරපෝෂිතයො ඇති කරන රෝගවලට කරවිල ඉතා ගුණදායකයි. අක්මාවටත් හිතකරයි. සෙම් රෝග, පිත් රෝග නසන්නත් කරවිල වැදගත්.

දියවැඩියාව පාලනයට වගේම කොලෙස්ටරෝල් පාලනයටත් මේ කරවිල සමත් වෙනවා. පිළිකාකාරක සෛල විනාශ කරන කරවිල, ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් ගුණදායකයි.

ඇදුම, පීනස්, කිවිසුම් යාම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධවලටත් කරවිල වඩාත් හිතකරයි.

ඒ වගේම මත්පැන්, මද්‍යසාර ගැනීමෙන් ඇතිවන තත්ත්වයන්ටත්, දිගු කාලයක් ඖෂධ භාවිත කිරීම, විෂ සහිත ආහාර ශරීරගත වීම නිසා ඇතිවන තත්ත්වයන්ටත් කරවිල ඉතා ගුණදායක ඖෂධයක්.

ඒ විතරක් නෙවෙයි. දද, කුෂ්ඨ, දිලීර රෝග වගේ සමේ ඇතිවන විවිධ රෝගවලින් මිදෙන්නත් කරවිල වැදගත්.

කරවිලවලට මළබද්ධය අඩු වෙනවා. ආහාර ජීර්ණය පහසු කරනවා. වකුගඩු ගල් සඳහාත් කරවිල ඉතා ගුණදායකයි. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවත් කරවිලවලට තියෙනවා. තරබාරු බව අවම කරන්නත් කරවිලවලට පුළුවන්.

කරවිලවල සමට අවශ්‍ය විටමින් C සහ B6 අඩංගුයි. ඉතින් හිස්සොරිවලට, වියළි හිස් කබලට, හිසකෙස් ගැලවීමට සහ පැලීම නැවැත්වීමට වගේම හිසකෙස්වල දීප්තිමත් බව රැකගන්නත් කරවිල හේතුවක්.

ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ගෙවත්තේ පහසුවෙන් වගා කරගත හැකි බෝගයක් තමයි කරවිල. පුංචි ඉඩකඩකදි වුණත්, වැඩෙන්න අවශ්‍ය සාධක තියෙනවා නම් කරවිල සරුවට වැවෙනවා. ඉතින් තිත්තයි කියලා මේ වගේ ගුණ කෑම නොකා ඉන්න තරම් මෝඩ වෙන්නෙපා ඔයා.

Read more

Local News