අධික උණුසුම මැයි මස අගවන තෙක්

Share

මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත් මැයි මාසයේ 20වැනි දිනෙන් පසුව නිරිත දිග මෝසම සක්‍රීය වනවිට මෙම තත්වය පහව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාසයන් මෙම තත්වයන් ඇතිවන බව පෙන්වා දුන් ඔහු මේ වනවිට වායුගෝලයේ පවතින ජලවාෂ්ප ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බැවින් වායුගෝලයේ තාප ශක්තිය නිදහස් කිරීම අවහිර වීමෙන් උණුසුම් තත්වය පවතින බවත් පෙන්වා දුන්නේය.

වර්ෂාව ලැබීමත් සමග මෙම ජලවාෂ්ප ක්‍රමයෙන් අඩුවන බැවින් උණුසුම් තත්වය පහව යනු ඇති බවත් හෙතෙම පැවසීය.

මෙම තත්වය පහව යන තුරු ලාපැහැ ඇඳුම් අඳින ලෙසත් අධික මහන්සියෙන් යුතු වැඩවල නිරත නොවන ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Read more

Local News